Posts

Showing posts from August, 2018

Kalawana to Deniyaya Rover Scout Rambler Hike

Image
Kalawana to Deniyaya Rover Scout Rambler Hike 2018/07/27 ප්‍රථම දින කලවාන පොලිස් ස්ථානයෙන් 10.00am ගමන් ආරම්භ කර අප 2km පමණ ගෙවා කලවාන මංසන්ධියට පැමිණ දකුණට රක්වාන පාරට හැරී සාමාන්‍ය කඳු මතින් වැටී ඇති පාර ඔස්සේ 12km පමණ ඉදිරියට ගොස් වැද්දාගල මංසන්ධියෙන් දකුණට හැරී උස් කඳු මතින් වැටී ඇති කුඩව පාර ඔස්සේ 8km පමණ දුරක් ගෙවා උස් කඳු වැටි 3ක් පසුකරමින් ඉදිරියට ගොස් සිංහරාජ කුඩව පිවිසුම ආසන්නයට පැමිණියේය. ඒ වන විට වේලාව සවස 4.15pm විය. ගම්වාසීන්ගෙන් පිටකැලේ හරහා ආරණ්‍ය සේනාසනයට යන මඟ පිළිබඳව අසා දැනගත් අතර දැනගන්නට ලැබුණු ආකාරයට අප යාමට සිටින මාර්ගය අවුරුදු 15න් 20න් කිසිවකු භාවිතා කර නොමැත.  සිංහරාජ අඩවි කාර්යාලයෙන් ද තොරතුරු ලබාගත් අපට ඔවුන්ද පැවසුවේ කිසිවකු එම වනාන්තර ප්‍රදේශය තරණය නොකරන බවත් එය ඉතා දුෂ්කර බවත් ය. ඔවුන්ගේ තීරණය වූයේ හැකිනම් නොයා සිටින ලෙසයි, එහෙත් අප එම අභියෝගය ඉතා සතුටින් භාර ගන්නා බවත් ඔවුන්ට දැනුවත් කරමින් අප එතනින් නික්මුණි. ඉන්පසුව කුඩා ගඟ හරස් ව වැටී ඇති පාලම පසුවෙන මංසන්ධියෙන් දකුණට හැරී එම මඟ ඔස්සේ 200m පමණ ඉදිරියට ගොස් වමට ඇති කුඩා පාරකින් ජේසන් බං